Home » » ජොනීගේ පුතාගේ ස්ටිකර්ස් ලංගම බස්වල

ජොනීගේ පුතාගේ ස්ටිකර්ස් ලංගම බස්වල

වයඹ පළාතේ ලංගම ඩිපෝවලට අයත් බස් රථවල ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමැති පුත් ජොහාන් ප්‍රනාන්දු මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක ස්ටිකර් අලවන්නයි රාජපක්‍ෂවරයෙකු විසින් වයඹ ලංගම ඩිපෝ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බව වාර්තාවේ.


මේ වන විටත් බොහෝ ලංගම බස් රථවල එම ප‍්‍රචාරක ස්ටිකර් අලවා ඇත.

ආණ්ඩු පක්‍ෂයේ වයඹ අපේක්‍ෂකයෝ රැසක් මේ පිළිබඳව දැඩි කලකිරීමකට පත්ව සිටිති. එක් අපේක්‍ෂකයෙකුට පමණක් විශේෂ සැලකිලි දැක්වීම අසාධාරණ යැයි අනෙකුත් අපේක්‍ෂකයෝ චෝදනා කරති.

මැතිවරණ නීතිරීතිවලට අනුව අපේක්‍ෂකයන්ගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා රජයේ වාහන ඇතුළු රාජ්‍ය දේපළ යොදා ගැනීම නීති විරෝධී වේ.

එහෙත් මෙම නීති විරෝධී කි‍්‍රයා මැඩපැවැත්වීමට පොලිසිය මැදිහත් නොවන්නේ ආණ්ඩුවේ බලපෑම නිසා යැයි විපක්‍ෂ අපේක්‍ෂකයෝ චෝදනා කරති.

2013 පළාත් සභා මැතිවරණයේ මහජන දේපල අයථා පරිහරණය සහ මැතිවරණ දුෂණ සම්බන්ධයෙන් වන මෙවනි පැමිණිලි 'කැෆේ' සංවිධානය වෙත ලිපි, දුරකතන හෝ ෆැක්ස් මගින් ඉදිරිපත් කරන ලද ලෙස කැෆේ සංවිධානය ඉල්ලා සිටී.

මැතිවරණයට අදාළ මහජනතාවගේ පැමිණිලි බාර ගැනීමේ ඒකකයක් කැෆේ සංවිධානය විසින් ආරම්භ කොට ඇත.

දුරකතන අංක 0114341524 හා 0114341514
ෆැක්ස් 0112866224
ඊමේල්
ලිපිනය – 100/19, වැලිකඩවත්ත පාර, රාජගිරිය.

Share this article :

0 comments:

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. SLgossip.king - All Rights Reserved
Template Modify by Creating Website
Proudly powered by Blogger